මේ දවස්වල බොහෝ කතාබහට ලක්වන චරිතයක් වන්නේ හිටපු අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියයි . ඇත්තටම ඇය කවුද..? එතුමිය කොළඹ නාවල කුස්සත්තේ පදිංචිව සිටින සෙනෙවි බී වික්‍රමසිංහ සහ ශිරාණි වික්‍රමසිංහ යන දෙපලගේ එකම දියණිය වන අතර කොළඹ මියුසියස් ආදි
ශිෂ්‍යාවකි .
ලන්ඩනයේ kings College හි උපාධිය ලබා ගත් ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් කාන්තා අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, University of London වෙතින් ශ්‍රී ලංකාවේ ස්ත්‍රීවාදී පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳ විශේෂක්ඥතාවයෙන් දර්ශනපති (PHD)උපාධි ද ලබා ඇති ඇය ශ්‍රී ලංකාවේ මෙතෙක් සිටි ජනපතිවරුන්ගෙන් ආචාර්ය උපාධි ලැබූ එකම ජනපති ආර්යාව වන්නීය.
වෘත්තියෙන් කැලණි විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරිය සහ එම විශ්ව ව්ද්‍යාලයේ ස්ත්‍රී පුර්ෂ සමාජ භාවය පිළිබඳ අධ්‍යන මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂකවරිය ලෙස ද, කොළඹ විශ්ව විද්‍යාලයේ සහ Sasex විශ්ව විද්‍යාලයන්හි සංචාරක මහාචාර්යවරියක් ලෙස ද ,වසර 30ට අධික කාලයක් Gender Studies කාන්තා අධ්‍යයන ප්‍රතිපත්ති සම්පාදනය, පර්යේෂණ සහ පුහුණු ක්ෂේත්‍රවල ක්‍රියාකාරීනියක් ලෙස ද ඇය කටයුතු කරන්නීය.
ඇය සතු ජාත්‍යන්තර ගෞරවය නම් 2023 සැප්තැම්බර් මාස Yeedhii University of Wolverhampton වෙතින් ලැබූ Honorary Wolverhampton ගෞරවය වන අතර එමගින් ඇය සතු ජාත්‍යන්තර පිළි ගැනීම තහවුරු විය. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, සංවර්ධනය, සේවා ස්ථාන සමානත්වය සහ සමාජ පරිවර්තනය පිළිබඳ කෘති කිහිපයක් රචනා සහ සම රචනා කිරීමෙන් ඇය විද්‍යාත්මක සාකච්ඡාවට ගැඹුරු දායකත්වයක් ලබා දී ඇත .
පැසෙන්න පැසෙන වී කරල දෙකට නැමෙනවා සේ ඇයගේ උගත්කම වැඩි වෙන් වැඩි වෙන් ඇය ඉතාමත් යහපත් නීති ගරුක ගුණ ගරුක කාන්තාවක් ලෙස තමා උපන් රටට සේවය ලබා දුන්නේ ඇයට ලෝකයේ පිළි ගත් උසස්ම විශ්ව විද්‍යාලයකට ඇයගේ සේවය ලබාදීමෙන් මහා ධනස්කන්ධයක් ඉපයීමට තිබූ අවස්ථාද ගණන් නොගෙනය.
ඇය 1995 අගෝස්තු විසි වන දින රනිල් වික්‍රමසිංහහ මහතා සමග විවාහ වුණ ද, ඔවුන්ගේ මංගල ඡායා රූපයෙන් හැර ඇය සමාජයේ කිසිම තැනක කැපී පෙනෙන්නට දඟලන චරිතයක් ලෙස අප කිසිදු ඡායාරූපයකින් ඇයව දැක නැත. රනිල් වික්‍රමසිංහ හය වරක් මේ රටේ අගමැති ලෙස දිවුරුම් දුන්න ද, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඒ කිසිවිටෙකත් ඔහුගේ රාජ තාන්ත්‍රික කටයුතුවලට මැදිහත් නොවූවාය.
කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමයේ සිදුවූ දින පනස් දෙකේ ආණ්ඩු පෙරළියේ දී පමණක් කොළඹ ,කොල්ලු පිටියේ පැවැති මෛත්‍රිපාලය සිරිසේන මහතාගේ වැරදි තීන්දුවට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතා මහතා කළ විරෝධතා රැලියට එක් වූවාය. ඒ සිය සැමියාගේ සැපයේ දී පමණක් නොව දුකේදී ද, ඔහු ළඟින්ම සිටිනා යහපත් බිරිඳකගේ ගති ගුණ හුවා දක්වමිනි.
2023 සැප්තැම්බර් මාසයේදී ඇයට ලැබීමට තිබූ ඒ ගෞරවනීය උපාධි සහතික පත්‍රය ලබා ගැනීම සඳහාද ඇය පිටත්ව ගියේ ජනාධිපති ආර්යාවක ලෙස නොව මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ලෙස සිය පෞද්ගලික මුදලින් ගුවන් ටිකට් පතක් රැගෙනය. ලන්ඩන් නගරයේදී ඇයගේ ජනාධිපති ස්වාමි පුරුෂයා සමග ඔහුගේ කාමරයේ එක් රැයක් ළැගුම් ගැනීම සහ ඔහු සමග යළි ශ්‍රී ලංකාවට පැමිණීම පමණක් ජනාධිපති ආර්යාවක් ලෙස කිරීම නිසාවෙන් ඇයගෙන් රජයේ මුදල් අවභාවිත කිරීමේ රනිල් වික්‍රමසිංහ මහතා වෙත පවරා ඇති නඩුවේ විමර්ශන කටයුතු සඳහා කට උත්තර ගැනීමට පෙළඹීම මහා හාස්‍යයකි . බිරින්දෑවරුන් නොමැති ජනපතිවරුන්ට බිරිඳ සමග එක් කාමරයක ළැගුම් ගැනීමට සහ නිදි වැදීමට නොහැකිවීම මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ වරදක්ද..?
අපේ රටේ හිටපු ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරුන් ආර්යා උෂ්ණය ඔලුවට ගෙන වෙසක් උළෙලවල්-පොසොන් උළෙලවල් සැමරීම සඳහා යුරෝපීය රටවල්වලට සිය පවුලේ නෑදෑයින් පිරිවරා ගෙන රජයේ වියදමෙන් ගුවන් ගමන් ගිය අතර සමහර අවස්ථාවල ඔවුන් සිය පවුලම වෙනුවෙන් ගුවන්යානා වෙන් කර ගෙන ඔවුන් කා බී විනෝද වී ප්‍රීති වී පැමිණෙන තෙක් එම ගුවන් යානා කිසිදු කාර්යයක නිරත නොකර ඔවුන්ගේ විනෝදය වෙනුවෙන් සති ගණන්-මාස ගණන් එම ගුවන් යානා රඳවා ගැනීමෙන් මේ රටට සිදුවූ අලාභය සහ පාඩුව කොපමණද..? කවුරු කුමක් කියා සිටියත් අවසානයේ ස්වභාව ධර්මය තීරණ ගන්නා විට කොයි ඉහළ උසාවියේ නඩු තීන්දුවත් ඊට යටත් වනු නො අනුමානය

Lanka Newsweek © 2026